INFORMATION SHEET

THIS INFORMATION SHEET IS FOR THE PARTICIPANTS OF THE LCOM-R PROJECT. IT EXPLAINS THE PROJECT AND TELLS ALL WHAT YOU NEED TO KNOW TO GIVE CONSENT FOR PARTICIPATION IN THE PROJECT. INFORMATION SHEET IS GIVEN IN ALL THE THREE LANGUAGES. මෙම තොරතුරු පත්‍රිකාව LCOM-R ව්‍යාපෘතියේ සහභාගිවන්නන් සඳහා වේ. එය ව්‍යාපෘතිය පැහැදිලි කරන අතර ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා කැමැත්ත ලබා දීමට ඔබ දැනගත යුතු සියල්ල කියයි. තොරතුරු පත්‍රිකාව සියලුම භාෂා තුනෙන්ම ලබා දී ඇත. இந்தத் தகவல் தாள் LCOM-R திட்டத்தில் பங்கேற்பவர்களுக்கானது. இது திட்டத்தை விளக்குகிறது மற்றும் திட்டத்தில் பங்கேற்க சம்மதிக்க நீங்கள் தெரிந்து கொள்ள வேண்டிய அனைத்தையும் சொல்கிறது. தகவல் தாள் மூன்று மொழிகளிலும் வழங்கப்படுகிறது.

2. සිංහල

තොරතුරු පත්‍රිකාව

මම ජාතික දන්ත සේවා ආයතනයේ සේවයේ නියුතු වෛද්‍ය ගාමිණී නවරත්න වෙමි. මගේ වර්තමාන කාර්යභාරය වන්නේ ජාතික දන්ත සේවා ආයතනයේ ඔරල්  මැක්සිලෝ ෆෙෂල් ශල්‍යකර්ම A ඒකකයේ ජෙෂ්ඨ වෛද්‍ය උපදේශක තනතුර දැරීමත් සහ කොළොඹ විශ්ව විද්‍යාලයයේ පශ්චාර්ත් උපාධි ආයතනයේ උපදේශක වරයෙකු ලෙස කටයුතු කිරීමත්ය. "ශ්‍රී ලංකේය ආරෝග්‍ය ශාලාවලට විද්‍යුත් ඇඳ ඉහ පතක් නිර්මාණය කිරීම සහ එය  කොළොඹ ජාතික දන්ත සේවා ආයතනයේ පාවිචියට ගැනීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳ අධ්‍යයනය" නමැති පර්යේෂණයක් සඳහා සහභාගි වීමට මම ඔබට ආරාධනා කරමි. මෙම අධ්‍යයනය කරනු ලබන්නේ මා ඇතුළු වෛද්‍ය චන්දන ජයසුන්දර, වෛද්‍ය ආනන්ද පෙරේරා සහ මහාචාර්ය වෛද්‍ය ජෙනිෆ පෙරේරා යන අය විසිනි.   මෙම පර්යෙෂණයේ අරමුණ වන්නේ  මගේ වාට්ටුවේ විද්යුත් ඇඳ ඉහ පතක් පාවිචිකිරී මේ හැ කියාව ගැන විමසීමයි.

 

මෙම පර්යේෂණයට ඔබේ සහබාගිත්වය ඔබේ පුර්ණ මනාපය මතම පමණක් විය යුතු වේ, මෙයට සහබාගිනොවීමට හෝ මුලට මනාපය දක්වා පසුව ඔබේ මනාපය ඉල්ලා අස්කර ගැ නී මට පවා ඔබට පුර්ණ නිදහස ඇත. මෙනිසා ඔබට කිසිම වෛද්‍ය ප්‍රතිකාර හෝ සේවා අහිමිවීමක් සිදු නොවන අතර ඔබට හිමි කිසිම වරප්‍ර සාදයක් වත් අහිමි නොවනු ඇ ත. ඔබ සහබාගි  නොවීමට තීරණය කලොත් හෝ අතරතුරේ  ඔබේ මනාපය අස්කර ගන්නේ නම් පර්යේෂණයේ ඕනෑම   අවධිය කදී කිසිම හෙතුවක් නොදක්වා ඔබට එය කල හැක

මෙම පර්යේෂණයට ඔබේ මනාපය නිසාවෙන් ඔබේ සාමාන්‍ය වෛද්‍ය උපදේශනයට වඩා වැඩි විමසීමකට සහ ඒවෙනුවෙන්  වැ ඩි කාලයක් මිඩංගු කිරීමටත් ඔබට සිදුවනු ඇත. ඔබේ පෞද්ගලික තොරතුරු ගගන ගත පරිගණක පද්දති තුල ගබඩා කෙරෙන අතර මෙම පර්යේෂණය වසරක් පුරාවට කෙරෙනු ඇ ත, ඔබට SMS කෙටි පණිවිඩ, වෛද්‍ය හමුවීම් මතක සටහන්, ඖෂද මතක අවදිකිරීම් යනාදී ම විසින් අනුමත විවධ අනකර විද්‍යුත් තාක්ෂනයෙන් ඔබ වෙත ලැ බෙනු ඇ ත.

මෙම අධ්‍යයනයට සහභාගීවීමෙන් ඔබට මෙම ප්‍රතිලාභ ලැ බෙනු ඇත : වාට්ටුවේ සියලුම වෛද්‍ය උපදේශන වල පිටපත්, මතක අවදි කිරීම්, පශ්චාත් වෛද්‍ය හමුවීම් සඳහා දින වකවානු මතක් කිරීම්,  ඖෂද ගැනීම් මතක පණිවිඩ,  රසායනාගාර  වාර්තා මතක පණිවිඩ, වෙනත් වෛද්‍ය විශේෂඤ යොමුවන් මනක පනිවුඩ, ඔබේ ඖෂද ලැයිස්තු.

 

 

මෙම අධ්‍යයනයට සහභාගීවීන් ඔබට කිසිම වෛද්‍යයම හෝ ශල්‍යකර්ම පිලිබඳ අනතුරක් හෝ අවදානමක් ඇති නොවේ.  ඔබට තිබෙන එකම අවදානම ඔබේ පෞද්ගලික තොරතුරු හා බැඳී  අනාවරණයේ සහ රහස්‍යබාවේ අවදානම් පමණි. මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ලෙස මා ඔබේ පෞද්ගලික තොරතුරු සම්බන්දයෙන් ගත හැ කි පහත දක්වා ඇති උපරිම ආරක්ෂක පියවරන් අරගෙන ඇ ත :

 

පෞද්ගලික තොරතුරු සඳහා සියලුම අන්තර්ජාතික සම්මුති සහ උපදෙස්,

පෞද්ගලික තොරතුරු සම්බන්දයෙන් සෙෘඛ්‍ය අමාත්‍යන්ශයෙන් නිර්දේශිත උපදෙස් සහ වාර්තා,

නිරතුරු යාවත්කාලින කෙරෙන ආරක්‍ෂිත උපාංග සහිත තොරතුරු සහ සන්නිවේදන තාක්ෂන යටිතල පහසුකම්,

සයිබර් අවකාශයේ ඉහලම මට්ටමේ තාක්ෂණ උපයෝග,

 කොළොඹ, බම්බලපිටියේ, රිජ්වේ පෙදෙසේ නොම්මර 12 පිහිටි අපේ  අධ්‍යයනයට අදාල සියලුම තාක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ තබා ඇති ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශය.

මෙම පර්යේෂණයට උර දීම වෙනුවෙන් ඔබට කිසිම ගෙවීමක් නොකරනු ඇත.

 

සියලුම පර්යේෂන වාර්තා සහ රෝගීන්ගේ දත්තවල රහස්‍යබව රැකීමට අපි වග වෙමු. ප්‍රසිධියට පත් කරනු ලබන්නේ නිර්නාමික කල දත්ත පමණි. ඔබව හඳුනාගත හැ කිවන කිසිම දත්තයක් මුදා හරිනු නොලැ බේ. මුද්‍රණයට දෙන්නාවූ කිසිම දත්තයක ඔබව සොයාගත හැ කිවන ආකාරයේ කිසිම තොරතුරක් ඔබේ නොවක් අනුමැතිය නොමැතිව කිසිවිටක කිසිවෙකුට නොදෙනු ඇත. සමහර සඟරාවල කතුවරු  වරුන්ගේ   අපේක්ෂාව නිසා නිර්නාමික පර්යේෂණ දත්ත වෙනත් පර්යේෂකයින් සමගින් හුවමාරු විය හැ කි බව අපි ඔබට දන්වමු.

ඔබට ඕනෑ ම විටකදී   කිසිදු දඬුවමකට යටත් නොවී, ඔබේ වෛද්‍ය ප්‍රතිකාර වල ට කිසිම බලපෑමක් නොමැතිව, ඔබට හිමි පහසුකම් වල කිසිම අඩුවක් නොමැතිව    ඔබේ පර්යේෂණ  මනාපය ඉල්ලා අස්කර ගත හැ ක. ඔබට පර්යේෂණයෙන් ඉවත් වීමට අවශ්‍ය වුවහොත් නොපමාව මා දැනුවත් කරන්න.

 

මෙම අධ්‍යයනයේ කිසියම්ම ප්‍රශ්නයක් සම්බන්දයෙන් හෝ ඔබට යම් පැහැ දිලි කරගැනීමක් හෝ අවශ්‍ය වූ විට කරුණාකර පහත ඕනෑ ම පර්යේෂකයින්ගෙ න්  කෙනෙකු අමතන්න :

 

වෛද්‍ය ගාමිණී නවරත්න : 0777 383 820

වෛද්‍ය චන්දන ජයසුන්දර : 0773 753 151

මහාචාර්ය ජෙනිෆ පෙරේරා : 0776 096 002

වෛද්‍ය ආනන්ද පෙරේරා : 0764 641 031